මත්පැන් බෝතවල අලවන ආරක්ෂිත ස්ටිකර් වංචාව නිසා රජයට අහිමි වන මුදලින්, සුවසැරිය තරම් ව්‍යාපෘති 8ක් ක්‍රියාත්මක කිරීමට හැකි බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙළි කළේය. කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ රජය වෙත ලැබෙන බදු ප්‍රමාණය නියාමනය කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකර් ක්‍රමවේදය මේ වන විට විශාල මගඩියක් ලෙස තමා නිරීක්ෂණය කරන බවයි.
ආරක්ෂිත ස්ටිකර් දහසක් ඩිජිටල් මුද්‍රණය සඳහා රජය විසින් අදාළ ඉන්දියානු සමාගම වෙත ඩොලර් 8ක මුදලක් ගෙවන නමුත් සැබැවින්ම ඒ වෙනුවෙන් වැය වන්නේ ඩොලර් ශත 12ක් වැනි ඉතා සුළු මුදලක් බවත්, 2027 වසරේ මෙම ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය අලුත් කිරීමේදී රජය වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය. ආරක්ෂිත ස්ටිකර් පිළිබඳ දත්ත ඇතුළත් කිරීම සඳහා පරිගණක පද්ධතියක් හෝ තවමත් සුරාබදු දෙපාර්තමේන්තුව සතුව නොමැති බව රාජ්‍ය මුදල් කමිටුවේදී හෙළි වූ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.















