පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිතව තිබේ. අද දිනයේදී ස්ථාවර නියෝග යටතේ තීරණ දෙකක් අනුමත කිරීමට විවාදයට ගැනීමට නියමිත අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳව සහ COPE විමර්ශන වාර්තා අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කිරීම සම්බන්ධයෙන් ද විවාද පැවැත්වේ. පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.















