මිනුවන්ගොඩ පොලිස් වසමේ කොළඹ කුරුණෑගල මාර්ගයේ නිල්පනාගොඩ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එහි පැදිකාරිය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක්, ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ යතුරුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් පසු පලාගිය කන්ටේනර් රථය පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිසිය මගින් රියැදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















