මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට කියමින් සිය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමට පැමිණි නාවික හමුදා නිලධාරීන් බව කියාගත් පිරිසක් තමන් නිකරුණේ අත්අඩංගුවට ගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෝ පිරිසක් චෝදනා කරති. ‘ගිහාන් පුතා’ නමැති ධීවර යාත්‍රාවක සිටි පිරිසකට මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර, ධීවර යාත්‍රාව භාරයට ගත් නිලධාරීන් මත්ද්‍රව්‍ය කොහේදැයි විමසා මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
පසුව මෙම ධීවරයන් මිරිස්ස වරායට රැගෙන විත් වෙරළාරක්ෂක බළකා නිලධාරීන්ට භාරදී ඇති අතර එහිදීද තමන්ට පහර දුන් බවත්, සිද්ධිය ගැන කිසිදු ආයතනයකට පැමිණිලි නොකරන ලෙසට බලපෑම් කළ බවත් ධීවරයෝ පවසති. මීට පෙරද නාවික හමුදාවෙන් මෙවැනි ආකාරයේ සිදුවීම් වාර්තා වී ඇති බව ඔවුන් වැඩිදුරටත් චෝදනා කර සිටිති.
















