වැල්ලවාය හදපානාගල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී වියළි ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇති මෙම ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, අත්අඩංගුවටගත් සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















