ෆේස්බුක් ඔස්සේ සජීවීවී පෙනී සිටිමින් සිය ජීවිතය නැති කරගත් දිනේෂ් නමැති තරුණයාගේ මව විසින් සමාජ මාධ්‍යවල පැතිර යන බොරු ප්රචාරයන්ට එරෙහිව සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කර තිබේ. තම පුතා කිසිදු ඉඩම් ප්‍රශ්නයක් හෝ විශාල ණයබරක් නිසා ජීවිතය නැති කර නොගත් බව පවසන ඇය, කොරියාවේදී ඔහුගේ බිරිඳ (මිනෝලි) සහ ඔහුගේ හොඳම මිතුරකු අතර ඇති වූ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් පුතා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව කියා සිටී.
කොරියාවේදී පුතාට එරෙහිව එල්ල වූ චෝදනා සහ එහිදී ඇති වූ පවුල් ප්‍රශ්න හේතුවෙන් ඔහු දැඩි වේදනාවෙන් පසු වූ බවත්, මිනෝලි විසින් තමන්ව නිවසින් පවා එළවා දැමූ බවත් මව වැඩිදුරටත් කඳුළු සලමින් පවසා ඇත. මීට පෙරද මැයි 30 වැනි දින ඔහු ජීවිතය හානිකර ගැනීමට උත්සාහ කර ඇති අතර, අවසානයේදී බිත්තියේ දුරකථන මුරපදය (Password) ලියා තබා ඔහු මෙම කනගාටුදායක තීරණය ගෙන තිබේ.
















