රත්නපුර මහ නගර සභාව යටතේ ඇති විනෝද උයන සහ ළමා උද්‍යානය යළි පුනරුත්ථාපනය කර ගොඩනැඟීමේ ඉදිකිරීම් කඩිනමින් සිදු කිරීමට නගර සභාව කටයුතු යොදා ඇත.
එහි කෙරෙන ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා අදාළ පරිශ්‍රය වෙත ගොස් ඇත.














