ගලෙන්බිඳුණුවැව දෙස සිට කහටගස්දිගිලිය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී පෙරළී අනතුරට ලක්ව තිබේ.
දිවුල්වැව පොලිස් වසමේ පුංචි හල්මිල්ලෑව ගම්මානයේ දී ඊයේ (20) පෙරවරු 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, රියැදුරුට නින්ද යෑම අනතුරට හේතුවී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ගලෙන්බිඳුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.














