මාතර – තංගල්ල ප්රධාන මාර්ගයේ ගොඩඋඩ ප්රදේශයේදී පාසල් යාම සඳහා පැමිණි පාසල් දරුවෙකු බස් රථයකට යටවීමෙන් අද (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාසල් ගමන් මගෙහි සිටියදී සිදුවූ මෙම අනපේක්ෂිත හා අවාසනාවන්ත අනතුරින් සිසුවා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට සම්බන්ධ බස් රථය සහ රියදුරු සම්බන්ධයෙන් සහ අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්රියාත්මක කරනු ලබයි.














