මහනුවර සහ තදාසන්න නගරවල මෙන්ම ග්රාමීය පෙදෙස්වල මාළු, කරවල, එළවළු සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
හාල්මැස්සන් කිලෝවක් රුපියල් 2000කට සහ වෙනත් කරවල කිලෝවක් රුපියල් 2000 සිට 4500 දක්වා ඉහළ මිලකට අලෙවි කෙරේ. මිරිදිය මාළු කිලෝවක් රුපියල් 750ක් වන අතර, ලින්නා, බලයා, තෝරා සහ පරා වැනි මුහුදු මාළු කිලෝවක් රුපියල් 2500 සිට 4500 දක්වා වැඩි වී තිබේ. ඉන්ධන මිල ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව වෙළෙඳුන් පවසයි.
මේ අතර එළවළු සහ බිත්තර මිලද ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව අමුමිරිස් කිලෝවක් රුපියල් 2000 දක්වා ඉහළ ගොස් ඇත. කැරට් සහ මුරුංගා කිලෝවක් රුපියල් 600 බැගින් අලෙවි වන අතර, බෝංචි සහ බීට්රූට් කිලෝවක් රුපියල් 480 කි. වම්බටු කිලෝවක් රුපියල් 450ක් වන අතර, ඇතැම් ග්රාමීය පෙදෙස්වල බිත්තරයක මිල රුපියල් 45ත් 60ත් (රතු බිත්තර) අතර අගයක පවතී.
















