හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් පවතින අතර, එහි පිරිසක් කොටු වී ඇත්දැයි බරපතළ සැකයක් මතුව තිබේ.
ගින්න ආරම්භ වූ මොහොතේ එහි සිටි පිරිසක් පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇති අතර, තමන් පිරිසක් එක් දොරටුවකින් එළියට රැගෙන ආ බවත් තවත් පිරිසක් පිටුපස දොරටුවෙන් ඉවතට යන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත. ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමාට එම ප්‍රදේශයට යෑමට අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















