ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාට එල්ල වී ඇති විනය චෝදනා සහ විමර්ශන හමුවේ, එහි උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන රොෂාන් ප්‍රනාන්දු, මොහාන් විජේසිංහ සහ බුද්ධික ද සිල්වා, අලියා ෆයිසර් ඇතුළු තවත් නිලධාරී පිරිසකටද බරපතළ චෝදනා එල්ල වී තිබේ. මෙම නිලධාරීන් වසර දොළහක සිට විසිපහක පමණ කාලයක් අඛණ්ඩව එම තනතුරු හොබවමින් සිටීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ සහ විවිධ පාර්ශ්ව අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇත.
නව ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා සංගමයක නිලධාරියෙකුට එකම තුරමක හෝ නිලතලයක දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණක් වුවද, අදාළ පිරිස වශඟ ගණනාවක් තිස්සේ බලය අල්ලාගෙන සිටීම නීති විරෝධී බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ක්‍රීඩා පාලනයේ විනිවිදභාවය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මෙම දීර්ඝකාලීන නිලධාරීවාදය දැඩි බාධාවක් වී ඇති බවට චෝදනා එල්ල වේ.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් වහාම මැදිහත්වී නව ක්‍රීඩා පනතේ නීති රීති දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට ක්‍රීඩා ලෝලීන් සහ සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති. සංගමයේ අභ්‍යන්තර පාලනය පිරිසිදු නොකළහොත් ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමින්ද මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු අඟවා ඇත.
















