දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය බාලිකා පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා මෝස්තර නිරූපණ තරගයකට සහභාගී වී ඇත. එහිදී ඇය බිකිනියකින් (Bikini) සැරසී එම තරගයේ එක් අංගයකට ඉදිරිපත් වීම හේතුවෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙම හැසිරීම ගුරු වෘත්තියට නොගැලපෙන බවත්, පාසල් සිසුවියන්ට අයහපත් ආදර්ශයක් විය හැකි බවත් පවසමින් එම පාසලේ අනෙකුත් ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය වෙත බලපෑම් කරමින් ඇයට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත. කෙසේ වෙතත්, ගුරුවරියකගේ පෞද්ගලික නිදහස සහ වෘත්තීය ගරුත්වය අතර පවතින සීමාවන් පිළිබඳව සමාජය තුළ විවිධ මත මතුවෙමින් තිබේ.
















