අස්වැසුම හරහා සමෘද්ධි ව්‍යාපාරයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
සමෘද්ධි ව්‍යාපාරයේ සංවර්ධන අරමුදලින් රුපියල් ලක්ෂ 87ක මුදලක් පසුගිය දිනක වියදම් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම තත්ත්වය හමුවේ සමෘද්ධි ව්‍යාපාරයට ඉදිරියේදී ‘අනිච්චාවත සංඛාරා’ කියන්නට සිදුවන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
















