ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතකට එරට පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය හිමිව තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතාගේ අපේක්ෂාව වී ඇත්තේ ලබන සැප්තැම්බර් මා වන විට මෙම පියවර ක්‍රියාත්මක කිරීමයි. දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ අධික ලෙස සමාජ මාධ්‍ය වෙතොත් යොමුවීම පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම නව නීතිමය පියවර ගෙන ඇත.
















