දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් 112ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමකට ලක් කර තිබේ.
මගීන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය අලෙවියට තැබීම වැනි වැරදි රැසක් අනාවරණය වී ඇති අතර, අදාළ වෙළෙඳසැල්වලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට පියවර ගන්නා බව එම අධිකාරිය සඳහන් කරයි.
















