කුවේට් රාජ්‍යයේ බලශක්ති උත්පාදනාගාර සහ මුහුදු ජලය පිරිපහදු කරන (Desalination) මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිදු වූ දැවැන්ත හානි පිළිසකර කිරීමේ කටයුතු එරට බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන රටවල් ඉලක්ක කරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) එල්ල කළ ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් ලෙස කුවේට් රාජ්‍යයේ විදුලි සහ පානීය ජල සැපයුම් මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍ර කිහිපයක් තාවකාලිකව අක්‍රිය කිරීමට සිදු විය. ජූලි 17 වැනිදා එල්ල වූ ප්‍රධාන ප්‍රහාරයකින් ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථානයක ගිනිගැනීමක්ද වාර්තා විය. කෙසේ වෙතත්, හදිසි පිළිසකර කිරීම් හරහා රට පුරා මහජනතාවට අවශ්‍ය ජලය සහ විදුලිය අඛණ්ඩව ලබා දීමට කුවේට් බලධාරීන් කටයුතු කරමින් සිටී.
















