වෙනස් කරගත හැකි අවදානම් සාධක (Modifiable risk factors) නිසි ලෙස පාලනය කිරීම මඟින් ඩිමෙන්ෂියා (Dementia) රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම 45%කින් පමණ වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සූදානම් කළ නවතම මාර්ගෝපදේශ මඟින් පෙන්වා දෙයි.
ඩිමෙන්ෂියා රෝගය සඳහා මෙතෙක් පූර්ණ සුවයක් සොයාගෙන නොමැති අතර, දුම්පානය, මත්පැන් භාවිතය, ව්‍යායාම නොකිරීම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, සමාජීය වශයෙන් හුදෙකලා වීම මෙන්ම ප්‍රථම වතාවට වායු දූෂණයට දීර්ඝකාලීනව නිරාවරණය වීමද මෙලෙස වෙනස් කරගත හැකි ප්‍රධාන අවදානම් සාධක ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව, විශේෂිත පෝෂණ ඌනතාවක් නොමැති පුද්ගලයන් ඩිමෙන්ෂියාවෙන් ආරක්ෂා වීමට විටමින් හෝ ඔමේගා-3 (Omega-3) වැනි අතිරේක ඖෂධ (Supplements) භාවිත කිරීමෙන් ප්‍රමාණවත් සාක්ෂි සහිත ඵලදායීතාවයක් නොමැති බවද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
















