තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ අධිසැර (High Tension) විදුලි කුළුණකට පුද්ගලයෙකු ගොඩවීම හේතුවෙන් මුළු ප්‍රදේශයේම විදුලි සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.
අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් වහාම අදාළ මාර්ගයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇත. විදුලි කුළුණ මත සිටින පුද්ගලයා ආරක්ෂිතව පහතට බස්සවා ගැනීමට පොලීසිය සහ සහන කණ්ඩායම් මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.














