රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ මහජන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර පවත්වා තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් සෙනරත් සහ එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව වේගවත් කිරීම, පරිපාලනමය ක්‍රියාවලීන් සරල කිරීම (Business Process Re-engineering) සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නියමු වැඩසටහනක් ඉක්මනින් ඇරඹීමට තීරණය විය. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම ඔවුන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














