රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (21) අභියාචනාධිකරණය හමුවේ සලකා බලන ලදී.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ, 2016 වසරේදීම මෙරට ISIS සහ ඉස්ලාමීය අන්තවාදී තර්ජන පිළිබඳව සුරේෂ් සලේ මහතා ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර කාර්ය සාධක බලකායක් පවා යෝජනා කළ බවයි. නමුත් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ ප්‍රධානියෙකුගේ අකමැත්ත මත එම කටයුතු අඩාළ වූ අතර, පසුව ඔහුව දේශපාලන හේතු මත විදේශගත කරන ලද බවත් පැවසීය.
එමෙන්ම අසාද් මවුලානා නමැති වරෙන්තුකරු කර ඇති ප්‍රකාශ අසත්‍ය බවත්, අන්තවාදයට එරෙහිව කටයුතු කළ නිලධාරියෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හමුදාවෙන් පෙන්වා දීම අසාධාරණ බවත් නීතිඥවරයා අවධාරණය කළේය. නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළ මූලික විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කිරීමට අධිකරණය නියම කළේය.
















