දෙවුන්දර දේවාලයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේවරයාට මරණ තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් බස්නායක නිළමේවරයා සඳහන් කළේ එවැනි තර්ජනාත්මක හඬ පට තමන් වෙත ලැබුණු බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත්ය. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේ මෙම හඬ පට පිළිබඳ තොරතුරු පොලිසියට ද ලැබී ඇති බවයි. මීට අමතරව ‘දෙහිබාලේ මල්ලී’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බව කියන තර්ජනාත්මක හඬපටයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
















