ඇමරිකානු අපනයනකරුවන්ට පවතින බාධා ඉවත් කරමින් සහ එරට ප්‍රධාන කර්මාන්ත සඳහා නව වෙළඳපොළ අවස්ථා විවෘත කරමින් ජෝර්දානය සමඟ නව වෙළඳ ගිවිසුමකට එළඹි බව ඇමරිකා එක්සත් ජනපදය අඟහරුවාදා (21) නිවේදනය කළේය.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ගිවිසුමේ කොටසක් ලෙස ජෝර්දානය විසින් බදු නොවන වෙළඳ බාධා (non-tariff barriers) ඉවත් කිරීමටත්, ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සහ මෝටර් රථ ඇතුළු භාණ්ඩ සඳහා සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීමටත් එකඟ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















