ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබාව වෙනුවෙන් වෙන්කරන ලද ඩොලර් මිලියන 100ක අලුත් සහනාධාර පැකේජයට අයත් පළමු ගුවන් යානය කියුබාව බලා පිටත් කර හැරී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කියුබාවේ කොමියුනිස්ට් රජයට කිසිදු වාසියක් අත්නොවන සේ, එරට පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාව වෙත සෘජුවම මෙම සහනාධාර ලබාදීම ඇමෙරිකාවේ අරමුණයි. ඒ අනුව පවුල් 700කට පමණ ප්‍රමාණවත් ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගෙන ගිය මෙම පළමු තොගය කතෝලික සහන සේවය (Catholic Relief Services) සහ ප්‍රාදේශීය දේවස්ථාන නියෝජිතයන් හරහා ජනතාව අතර බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.














