අමෙරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වී ඇති යුද ගැටුම් සමථයකට පත්කිරීම සඳහා මැදිහත්කරුවන් විසින් ඉරාන රජය වෙත දින 10ක හදිසි සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම යෝජනාව තහවුරු කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කර ඇත්තේ, ගැටුම් නැවැත්වීමේ යෝජනාවක් ලැබී ඇති නමුත් එහි කාලසීමාව ගැන නිල වශයෙන් තහවුරු නොකරන බවයි. මේ අතර, ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමැති එස්කන්දර් මොමෙනි පාකිස්ථානයේ සංචාරයක නිරත වෙමින් සාම සාකච්ඡා සඳහා දිගටම මැදිහත් වන ලෙස ඉල්ලා සිටින අතර, ඉරානයට පහරදීමට අමෙරිකාවට සිය භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස ද ඉරානය කලාපීය රටවලින් ඉල්ලීමක් කර තිබේ.














