ඉන්දියාවේ ප්‍රකට නිදහස් සටන්කාමියෙකු මෙන්ම ගුරුද්වාරා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නායකයෙකු වූ සර්දාර් තේජා සිං සමුන්ද්රි (Sardar Teja Singh Samundri) මහතාගේ 100 වැනි අභාවප්‍රාප්ත සංවත්සරය නිමිත්තෙන් පැවැති උපහාර උලෙළ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණී කොලොන්නේ මහත්මිය සහභාගී වී තිබේ.
නවදිල්ලියේ ගුරුද්වාරා රකාබ් ගන්ජ් සාහිබ් හිදී රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇත. ශිරෝමණී ගුරුද්වාරා පර්බන්ධක් කමිටුවේ (SGPC) නිර්මාතෘවරයෙකු වන සර්දාර් තේජා සිං මහතා නිදහස් අරගලයට දක්වන ලද අසමසම දායකත්වය සහ ඔහුගේ ආදර්ශමත් මෙහෙවර මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්කර තිබේ.














