දෙවන වාර විභාගය යටතේ අද (22) පැවැත්වීමට නියමිතව තිබූ 9 වන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය කල් දැමීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ප්‍රශ්නපත්‍ර මුද්‍රණ ක්‍රියාවලියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල වෙත ප්‍රශ්නපත්‍ර බෙදා හැරීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, කල් දමන ලද මෙම ප්‍රශ්නපත්‍රය එළැඹෙන ජූලි 24 වන දින පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කර ඇත.
මෙම කාලසටහන් වෙනස් වීම සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන කලාපවල සියලුම පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.














