මූල්‍ය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස එන්. ආර්. අනීස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත.
කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් යන මහත්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
පසුගිය මූල්‍ය කොමිෂන් සභා සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමත් සමඟ ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් සිදු කර ඇත.
පත් කිරීම්වලට අදාළ නිල ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් පසුගිය සඳුදා (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ නිලධාරීන් වෙත ප්රදානය කරන ලදී.














