හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවක ඊයේ පෙරවරුවේ හටගත් හදිසි ගිනිගැනීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරියට උපදෙස් ලබාදී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.














