අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවියගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ ප්‍රසම්පාන අංශය මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ පුණ්‍ය කර්මය අද (22) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කර තිබේ.
අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙම කටයුත්ත සංවිධානය කර ඇති අතර, ඊට අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.














