ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවී තිබේ.
මෙම හමුවට ප්‍රථමයෙන් ඝානාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස බතලේගොඩ වී පර්යේෂණායතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කර ඇත. ඝානාවේ සහල් නිෂ්පාදනය 5%ක් වැනි අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ පුහුණුව ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව පවසා තිබේ. ඝානාව අපේක්ෂා කරන අයුරින් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.














