ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී මත්ස්‍ය නිෂ්පාදන ඉහළ නැංවීම, අපනයන ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම මයිලඩි සහ ගන්දර ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. තවද, ආපදාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහන් කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.














