මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවකු විසින් සිදු කළ වෙඩි තැබීම, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වූ මතගැටුමක් හේතුවෙන් සිදුව ඇති බව පොලීසිය සැක කරයි.
දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් බස්නායක නිළමේවරයාට මරණ තර්ජන එල්ල වීමත් සමඟ මෙම ගැටුම්කාරී තත්ත්වය මතුව තිබේ. ‘දෙහිබාලේ මල්ලි’ නමැති අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට සැකකෙරෙන අතර, සිද්ධියෙන් පසු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ හඬපටයක් ඔස්සේද ඒ බව තහවුරු වන්නකි.














