පසුගිය දිනවල විශාල වෙනසක් නොවී පැවති රන් මිල අද (22) දින නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අද දින රන් අවුන්සයක මිල රුපියල් 1,322,377ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 පවුමක මිල රුපියල් 342,100ක් විය. එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,650ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,770ක් සහ රුපියල් 40,820ක් ලෙසත් සටහන් විය.














