නව කතාමාලාවක් ප්‍රවර්ධනය කිරීම අතරතුර හොලිවුඩ් නිළි ජෙනිෆර් ගානර්, පැපරාසී ඡායාරූප ශිල්පීන්ගේ අධික ලුහුබැඳීම හේතුවෙන් තම පවුල මුහුණ දුන් දුෂ්කර අත්දැකීම් පිළිබඳව විවෘතව අදහස් පළ කර තිබේ.
‘Shut Up Evan’ පොඩ්කාස්ට් වැඩසටහනට එක්වෙමින් ඇය පවසා ඇත්තේ, 2013 වසරේදී නිළි හාලි බෙරී සමඟ එක්ව කැලිෆෝනියාවේ දරුවන් පැපරාසීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙන ඒමට ක්‍රියා කළ බවයි. අසනීප වූ තම දරුවා වෛද්‍යවරයා වෙත රැගෙන යන අවස්ථාවලදී පවා පැපරාසීන් විසින් මංමාවත් අවහිර කරමින් දැඩි පීඩාකාරී තත්ත්වයන් ඇති කළ බව ඇය මෙහිදී සිහිපත් කර තිබේ.














