සුරැකුම් සේවා සැපයීම පවුලක් විසින් තනිව දරා ගත යුතු පෞද්ගලික වගකීමක් නොවන බවත්, එය සමස්ත සමාජයේ ම වගකීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබේ.
වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම (WFD) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය එක්ව සංවිධානය කළ “සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව” නම් වැඩසටහනට එක්වෙමින් අගමැතිනිය මෙම අදහස් පළ කර ඇත. ප්‍රමාණවත් රැකවරණ සේවා නොමැති වීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී සිය වෘත්තීය ජීවිතය අත්හැරීමට සිදුවන්නේ කාන්තාවන්ට වන අතර, ඒ හරහා රටට කුසලතා සහ ඵලදායී ශ්‍රම ශක්තිය අහිමි වන බව ඇය පෙන්වා දී තිබේ.
එබැවින්, සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම හුදෙක් සමාජ සුබසාධනයක් නොව, රටේ ආර්ථික වර්ධනය සහ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන උපායමාර්ගික ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත.














