ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් පැවැත්වෙන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2026’ හි මුහුදු අදියර පසුගිය 21 වන දින ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී ආරම්භ වී තිබේ.
නාවික හමුදා නෞකා බල ඇණිය, සිව්වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහභාගීත්වයෙන් මෙම අභ්‍යාසය ක්‍රියාත්මක වේ. මෙහිදී නෞකා හැසිරවීම (MISCEX), මුහුදු මතුපිට ඉලක්ක වෙත වෙඩි තැබීම (SURFEX), නෞකා පෙළ හැඩයන්ගෙන් ගමන් කිරීම (SCREENEX), අවි හැසිරවීම (GUNEX), මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP), සෙවීම් හා මුදාගැනීම් (SAREX), තුවාලකරුවන් ඉවත් කිරීම (CASEVAC), ආපදාවට පත් නෞකා ඇදගෙන යාම (TOWING) ඇතුළු විවිධ මෙහෙයුම් අභ්‍යාස රාශියක් සාර්ථකව සිදු කර ඇත. මෙමඟින් පුහුණුවන නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ මෙහෙයුම් අත්දැකීම් වර්ධනය කර ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි නාවික හමුදාව පවසයි.
















