ගම්පොළ නගරයේ පාසලක සිසුවෙක් ගම්පොළ උඩෝවිට ප්‍රදේශයෙන් මහවැලි ගඟට බැස dය නෑමට යාමේදී ගිලි අතුරුදහන් වී ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
උඩෝවිට ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා පාසල නිම වී නිවසට පැමිණ, සිය සහෝදරයා සහ තවත් සිසුවෙක් සමඟ ඊයේ (22) දින මෙලෙස ගඟට ගොස් තිබේ. ඔවුන් දිය නෑ ස්ථානයේ වැලි ගොඩදැමීම හේතුවෙන් අඩි ගණනාවක ගැඹුරක් සෑදී ඇති බවත් ප්‍රදේශයේ දිය පහරද වැඩි බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඊයේ රාත්‍රී වන තෙක් ප්‍රදේශවාසීන් විසින් සිසුවා සෙවීමට දැඩි උත්සාහයක් ගත්තද ඔහුව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව අද දිනයේ සිසුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු යොදා ඇත.














