ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ සමාජය නියෝජනය කරන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා ටවුෂර් සහ ලුනා දුරංගි ටවුෂර් යන සොහොයුරියන් දෙපළ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වී තිබේ.
2026 ස්විට්සර්ලන්ත ජාතික ශූරතාවලියේදී (Swiss National Championships 2026) 11න් පහළ ජාතික ශූරතාව දිනූ 10 හැවිරිදි සොලෙයි ටවුෂර් සහ ඇගේ නැගණිය වන 8 හැවිරිදි ලුනා ටවුෂර් මෙහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ක්‍රීඩිකාවන්ගේ මෙම තීරණය අගය කළ අමාත්‍යවරයා, ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසීම සාදරයෙන් පිළිගන්නා බවත්, ඒ සඳහා අමාත්‍යාංශයෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් සහතික විය.
















