සත්ව හිංසනය සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට රුපියල් 250,000ක් දක්වා දඩයක් සහ වසර දෙකක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමට හැකි වන පරිදි නව සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත මඟින් වසර සියයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ පැරණි සතුන්ට හිංසා වැළැක්වීමේ ආඥා පනත (අංක 475) අහෝසි කරමින් වඩා ශක්තිමත් නීතිමය රාමුවක් සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වාදීමට නියමිතය.
















