2026 වර්ෂය සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් වන දින සහ තෙවන පාසල් වාරය ආරම්භ වන දින පිළිබඳ විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ.
ඒ අනුව, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (24) අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර ජූලි 27 වන සඳුදා ආරම්භ වීමට නියමිතය. එමෙන්ම, මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වන සිකුරාදා අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














