මැද පෙරදිග කලාපයම කැලඹූ අතිශය තිගැස්මක් ඇති කරන පුවතක් මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. රතු මුහුද හරහා ගමන් කරමින් තිබූ සවුදි අරාබියට අයත් තෙල් නැව් දෙකකට යේමනයේ හූති කැරලිකරුවන් විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟයි මෙම අර්බුදය දැඩි ලෙස උණුසුම් වී ඇත්තේ.
ENCELIA සහ LAYLA ලෙස හඳුනාගත් මෙම තෙල් නැව් දෙක වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කළ බව හූති හමුදා ප්‍රකාශක යහියා සාරියා නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. හූති සංවිධානය විසින් පනවන ලද අලුත්ම සමුද්‍රීය සීමාවන් උල්ලංඝනය කිරීම නිසා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මට්ටමේ අතිදැවැන්ත අනතුරු ඇඟවීමක්. හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදුකරන සෑම ප්‍රහාරයක් වෙනුවෙන්ම ඉරානයේ ප්‍රධාන පාලමක් හෝ විදුලි බලාගාරයක් මුළුමනින්ම විනාශ කරන බවට ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් තර්ජනය කර සිටියා.
ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයත් සමඟම මුළු ලෝකයම නුදුරු අනාගතයේ දැවැන්ත යුද්ධයක් නිර්මාණය වේදැයි බියෙන් පසුවීමට පටන් ගෙන තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සහ ප්‍රවාහන මාර්ග අවහිර වීම පිළිබඳව ලෝක වාසීන් අතර දැඩි කතාබහක් හටගෙන ඇත්තේ නොඉවසිල්ලෙන්.
ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයද එකඟ නැහැ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය ‘ඇසට ඇසක්’ යන්න බවත්, ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙසිව ප්‍රබලතම ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය.
දිනෙන් දින උණුසුම් වන මෙම රතු මුහුදේ සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ලෝකයේ මීළඟ මහා අර්බුදයේ ආරම්භය වේවිද? ඔබේ අදහස කුමක්ද?














