ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ ‘Sports Commune’ ආයතනය සමඟ පැවැති ගිවිසුම, අදාළ මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට LPL තරගාවලි අයිතිවාසිකම් හිමි IPG සමාගම පියවර ගෙන තිබේ.
තරග පාවාදීමේ චෝදනා මත Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සතියකට පසුව මෙම තීරණය ගෙන ඇති අතර, සියලු මෙහෙයුම් අයිතීන් නැවත IPG සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත පැවරී ඇත. කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත්තු හා ගෙවීම්වල සම්පූර්ණ වගකීම SLC සහ IPG ආයතන විසින් භාරගෙන ඇති බැවින්, LPL 6 වන අදියර සඳහා Jaffna Kings කණ්ඩායම එම නමින්ම කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත් වන බව IPG ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා තහවුරු කරයි.














