ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචි චේතියගිරි විහාරයේ 75 වැනි සංවත්සර මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන් විසින් මෙම ආරාධනය සිදු කර ඇති අතර, ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන ඇත. 1952 දී ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතා විසින් විවෘත කරන ලද මෙම පූජනීය විහාරයේ 75 වැනි සංවත්සරය 2027 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුවේදී බානගල නාහිමියන් විසින් රචිත ‘අංජලිකරණීයෝ’ චරිතාපදාන ග්‍රන්ථයේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.
















