පිලිපීනයේ මැනිලා අගනුවර පැවැත්වෙන ASEAN සහ Quad විදේශ අමාත්‍ය හමුවට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
දෙරට අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර; වෙළෙඳාම, බදු ප්‍රතිපත්ති, බලශක්තිය, ආරක්ෂාව, ඛනිජ සම්පත් සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අමාත්‍ය ජයිශංකර් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, දෙරටටම පොදු උනන්දුවක් පවතින කලාපීය සහ ගෝලීය කරුණු රැසක් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගත් බවයි.
















