වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයක් අතරතුර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.














