මේ දිනවල චීනයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට පළාත් 4ක පිහිටි ගංගා 6ක ජල මට්ටම පිටාර ගැලීමේ මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව චීන ජල සම්පත් අමාත්‍යාංශය අනතුරු අඟවයි.
‘ෂිංහුවා’ පුවත් සේවයට අනුව හෙබෙයි, හෙයිලොංග්ජියැංග්, හුබෙයි, ජියැංග්ෂූ සහ ගුවැංෂූ යන පළාත්වලට ඇදහැලුණු තද වැසි හේතුවෙන් මෙම අවදානම මතුව තිබේ. ගංවතුර පාලනයට සහ ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, පසුගියදා ගුවැංෂූ පළාතට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.














