නැගෙනහිර යුක්රේනයේ නගර ඉලක්ක කරගනිමින් රුසියාව එල්ල කළ ප්‍රබල ගුවන් බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා නවාසික ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබේ.
අග්නිදිග සාපොරීෂියා (Zaporizhzhia) නගරයේ නවාසික ප්‍රදේශ සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල වූ මාර්ගෝපදේශිත බෝම්බ 5කින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන්ම දොනෙට්ස්ක් කලාපයේ ස්ලෝවියන්ස්ක් (Sloviansk) නගරයට එල්ල වූ ගුවන් බෝම්බ දෙකකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා මහල් නිවාස ගොඩනැගිලි 7කට හානි සිදුව තිබේ. වසර 4කට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන මෙම යුද ගැටුම්වලදී සිවිල් වැසියන් ඉලක්ක කළ බවට වන චෝදනා රුසියාව මෙන්ම යුක්රේනය ද ප්‍රතික්ෂේප කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













