පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සේවක භාර අරමුදල් (ETF) යෝජනා ක්රමයට ඇතුළත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
රාජ්ය නොවන පොදු ප්රවාහන සේවාවන්හි නිරත සේවකයින්ගේ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පුළුල් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, එය එම ක්ෂේත්රයේ නිරත සේවකයින්ට ලැබෙන වැදගත් සුබසාධන සහනයක් ලෙස සැලකේ.














