ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන පාද යාත්‍රා බැතිමතුන් සඳහා විවෘත කර තිබූ කුමන සහ යාල ජාතික වන උද්‍යාන අද (24) සිට නැවත වසා දැමීමට කටයුතු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මදුසංක මහතා පවසයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වන උද්‍යාන මෙලෙස වසා දමා ඇති අතර, කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.














